කොරෝනාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු

මිනිස්සු එකිනෙකා අතර ලොකු තරගයක් තිබුණා කිසි දවසක නවතින්නේ නැති තරගයක්. සොබාදහම විසින් අද මේ තරගය නවත්තලා ටික කාලේකට. මේකෙන් මිනිස්සුන්ට නිදහසේ හිතන්න අවස්ථාව ලැබිලා තියනවා ☺️. ඒත් එහෙම කරන්න හැමෝටම හැකියාව නෑ. මොකද එයාලා මුළු දවසම මහන්සි වෙලා ෆේස්බුක් එකේ මාර්ක් සක්බර්ග් ටයි ලංකාවේ යූටියුබර්ස් ලටයි මහන්සි වෙලා සල්ලි හොයලා දෙනවා. මිනිසුන් විසින්ම කැමැත්තෙන් වහල්ලු වෙලා.

ආයෙත් මේ වගේ අවස්ථාවක් ජීවිත කාලෙටම එන එකක් නෑ. සුපුරුදු විදියට කෝච්චියේ බස් එකේ ගිහින් 8 – 5 වැඩ කරන කාලේ ආවම පසුතැවිලි නොවෙන්න අපි දැන් දෙයක් කරමු.

මොනවද අපිට කරන්න පුළුවන්. අපි එකින් එක බලමු ☺️

1. ජිවිතේ දිහා හැරිල බලමු

මේ වෙද්දී ඔයාගේ වයස කීයද? මේ වෙද්දී ජිවිතේ මොනවද ලබාගත්තු දේවල්? ජිවිතේ පසුතැවෙන දේවල් මොනවාද? මට කියන්න එපා. ලියන්න පොතක් අරගෙන දවසක් වෙන් කරගෙන. ඒ හැම දේ ගැනම හිතන්න. වැරදුනු තැන් මතක් කරන්න. ගොඩක් අයට මේ දේවල් නිකන්ම මතක් වෙනවා මැරෙන්න කිට්ටුව. එතකොට පරක්කු වැඩි. මේ වෙලාව තමා ඒකට හොදම වේලාව.

2. අනාගත බලාපොරත්තු

හැමෝටම හීන ගොඩක් තියනවා. හීන හිතේ තිබුණු පලියට ඒව හැබෑ වෙන්නෙ නෑ වෙලාවක් අරන් හිතමු. මොනවද හීන? ඒ හීන සැබෑ කරගන්න තියන බාදා. ඒවා ජයගන්න මොනවාද තියන අඩු පාඩු. මොනවා කරොත් ද ඒවට ඉක්මනට ලාගවෙන්න පුළුවන්. හිතන්න නිදහසේ.

3. තවත් අමතර ආදායම් මාර්ගයක්

මේ වගේ මොහොතක තමා අලුත් නිර්මාණ. නව අදහස් බිහිවන්නේ. පොඩි දෙයක් පටන් ගමු. මේ දවස් වල ගොඩක් අය එයාලා දන්න දේවල් වීඩියෝ කරල යුටියුබ් දානව. ඔයාටත් පුළුවන් එහෙම දෙයක් කරන්න. ඔයා බැංකුවක රැකියාව කරන කෙනෙක් නම් ඔයාට හොදට අත්දැකීම් ඇති මුදල් හැසිරවීම් පිළිබඳ. ඒවගේ දේවල් වීඩියෝ කරල දාන්න පුලුවන්. ඔයා සැලුන් එකක් කරන කෙනෙක් නම් ගෙදරදීම මේකප් එකක් දාගන්න හැටි එහෙම කියල දීල අමතර ආදායමක් උපයන්න පුළුවන්. ගොඩක් දේවල් තියනවා හිතලා බලන්න.

4. වගා කරමූ

මේක හැමෝටම හොදින් දැනුන දෙයක්. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය දේවල් ගෙදරම වගා කරගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට උවමනාව තියනවා නම් තියන පොඩි ඉඩ හොදට ම ප්‍රමාණවත්. යූටියුබ් එකේ ඕන තරම් ඒ ගැන තියනවා. ඉක්මනින් ඵලදාව ගන්න පුළුවන් බෝග වර්ග හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.

5. පොත් කියවමු

ශෝෂල් මීඩියා නිසා දැන් හැමෝගෙම කියවීමට ඇති උනන්දුව නැති වෙලා. ඉස්සර පොතක් ගත්තාම කියවලා ඉවර කරනකල් ඉවසිල්ලක් නැතුව හිටපු අයම තමා දැන් දාවසගානේ ෆේස්බුක් එකේ උඩ පහල යන්නේ. නිකමට පොතක් අරන් කියවලා බලන්න ඒ දැනෙන වෙනස්ම හැගීම විදින්න. පොත්ගන්න කඩේ යන්න බැනම් ඔයාට ඕන තරම් ebook හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. කියවලා අලුත් දෙයක් ඉගෙනගමු.

6. ව්යායාම

මේක ශාරීරික වගේම මානසික සෞඛ්ය ට ගොඩකම වැදගත් දෙයක්. ජිම් යන අයට ලොකු ප්‍රශ්නයක් දැන් ඒත් අපිට ගෙදර ඉදන්ම ඒ දේවල් කරන්න පුළුවන්. 20000 වගේ මුදලක් වියදම් කරල ජිම් යන කෙනෙක්ට අවශ්‍ය වන මූලික උපකරණ අරන් ගෙදරදීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕන තරම් අභ්‍යාස තියනවා කරන්න. Pushup වගේ දේවල් කරන්න ඔයාට කිසිම උපකරණයක් අවශ්‍ය වන්නේ නෑ. ඕන නම් pullup බා එකක් ගෙදරදීම හදාගන්නත් පුළුවන්. යූටියුබ් එක ඔයාට ගොඩක් උදව් කරයි ඒ දේවල් ඉගෙනගන්න.

7. කෝල් කරමු

ෆෝන් එක අරන් බලන්න තියන contact ටික. ඔයටම පුදුම හිතෙයි මෙච්චර අය ඉන්නවද කියලා. ඒ අතරින් කීප දෙනෙක්ට කෝල් අරන් පොඩ්ඩක් සැප දුක හොයලා බලන්න. හිතට ලොකු සතුටක් දැනෙයි.

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඔයාගේ වටිනා කාලය වටින දෙයක් වෙනුවෙන් වැය කරන්න.