පුරුදු සහ ඇබ්බැහි වීම්

වචන 2ක් ඒත් එකම තේරුමක්. සුදුසු දේවල් “හොද පුරුදු” ලෙසත් නුසුදුසු දේවල් “නරක පුරුදු” සහ “ඇබ්බැහි වීම්” ලෙසත් අපි දකිනවා.
පොඩි කාලෙ නිතරම දෙමවුපියන් ගුරුවරුන් ගෙන් නිතරම අහන්න ලැබුණ වචන 2ක් තමයි හොද පුරුදු සහ නරක පුරුදු. කාලයත් එක්ක අපේ ජීවිත වලට අලුත් වචනයක් එකතු වෙනව, පුරුද්දෙන් අත් මිදීමට අවශ්‍ය නමුත් අත්මිදීමට අපහසු යැයි කියන “ඇබ්බැහි වීම්”. ඉන් කිහිපයක්

  • දුම් පානය / මත්ද්‍රව්‍ය භාවිතය
  • අසභ්ය දර්ශන නැරඹීම
  • පරිගණක / ජංග දුරකථන ක්‍රීඩා
  • ස්වයංවින්දනය

මම ඒ සදහන් කරේ සුළු ප්‍රමාණයක් පමණයි. මේ දේවල් කව්රුවත් ඇබ්බැහි වෙන්න හිතාගෙන කරපු දේවල් නෙවෙයි. ඕනම දෙයක් කෙනෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කාලයක් කරද්දී ඒ දේ පුරුද්දක් වෙනවා ජිවිතේ කොටසක් වෙනව. දවසක තේරුම් අරන් ඈත් වෙන්න උත්සාහ කරත් ඒ දේ කරගන්න බැරි වෙනව. මොකද උඩු හිතේ බලපෑමෙන් නිතර නිතර කරන දේවල් යටි හිතේ තැම්පත් වෙනව. ඊටපස්සේ කිසිම පාලනයකින් තොරව ඒ දේවල් නිකන්ම සිදු වෙනව. අපිට කිසිම දෙයක් යටිහිතේ බලෙන් තැම්පත් කරන්නවත් ඉවත් කරන්න වත් බෑ.

ඒත් අපිට විවිද උපක්‍රම මගින් ඒ පුරුදු ඇබ්බැහි වීම් වලින් සදහටම මිදෙන්න පුළුවන්. ඉදිරි දින කිහිපයේදී ඒ ගැන ලිපි කිහිපයක් මෙම වෙබ් අඩවියේ පලකරනවා. දිගටම mohanaya.com සමග රැදී සිටින්න.